Friday, October 7, 2011

තල් අරණ

යාපනය නගරය අතීතයේ පටන්ම මෙරට දේශපාලනික හා සමාජීය කටයුතු වලදී ප්‍රදාන තැනක් හිමිවිය .එමෙන්ම වෙලදාම් හා ආර්ථික කටයුතු වලද තෝතැන්නක් විය .දෙමල ජාතිකයන් වැඩිපිරිසක් වෙසෙන යාපනය ඉන්දියාවටද ආසන්න ප්‍රදේශයකි නල්ලුර් කෝවිල යනු යාපනයේ ජිවත් වන ද්‍රවිඩ ජනතාවගේ වැඳුම් පිදුම් වලට පතර වන ප්‍රදානතම ස්ථානය ලෙස හැඳින්විය හැක .එමෙන්ම ඉන්දියානු ජාතිකයන්ද මෙහි ආගමික කටයුතු වලට සහබාගි වෙයි .දමිල ජාතිකයන් මෙන්ම සිංහල ජාතිකයන්ද ආගමික කටයුතු වල යෙදීම ආගමික හා ජාතින් අතර එකමුතුකම වර්දනය කරන්නකි .හින්දු සම්ප්‍රදායට අනුව පිරිමි පුද්ගලයන් කෝවිලට ඇතුල් විය යුත්තේ උඩුකය නිරුවත්වය .නගදීපයද සංචාරය කල අපගේ සිත්ගත් ස්ථානයකි .යාපනයේ සිට බෝට්ටුවකින් විනාඩි 10 කින් අපි එතෙන්ට ළඟාවිය .අවුරුදු 30 ක කුරිරු යුද්දය නිසාවත් එම පුදබිමට කිසිදු හානියක් වී නොමැත .


රිවිරැස මෙහෙයුමෙන් ශ්‍රීලංකා හමුදාව සතු වූ යාපනය කොටුව බැලීමටද අපි ගියෙමු .යාපනය කොටුව සහ විනාශ වූ ගොඩනැගිලි මේ වනවිට ප්‍රතිසංස්කරණය කරගෙන යමින් තිබුණි .යාපනය නගරයේදී අපට සුවිශේෂී අවස්ථාවක් හිමි විය .ඒ යාපනය ආඥාපති මහින්ද හතුරුසිංහ මහතා හමුවීමට අවස්ථාව හිමි වීමයි .එමෙන්ම ltte සංවිදානයේ හිටපු මාද්‍ය ප්‍රකාශක දය මාස්ටර් හමු වී ඔහු සමගත් අදහස් හුවමාරු කර ගතිමු .යාපනයේ රාජ්‍ය පරිපාලන කටයුතු සිදුවන අයුරු පිලිබඳ දන ගැනීමට අප යාපනය දිස්ත්‍රික් ලේකම් ඉමල්ක සුකුමල් මහත්මියද හම්බ වුනෙමු .යාපනය උදයන් පත්‍රයේ කතෘ තුමාද මුණ ගැසී එම ආයතනයද නැරඹුවෙමු . යාපනය මාද්‍ය පුහුණු මද්‍යස්ථානය නැරඹීමට ගිය ගමනද අපට අමතක නොවන්නකි .අපි එහි ගිය විට පිළිගත්තේ පන්කොළ තොප්පි දම සහෝදරත්වයෙනි .අත්දැකීම් ගොන්නක් රැගත් යාපනය සංචාරය එසේ නිමා විය .
      





No comments:

Post a Comment