Thursday, January 13, 2011

සුදොවුන් රජුටත් දැනුනේද මේ සුව 

පෝදා දිලෙනා සුපුන් සඳක් සේ 
රැස් කද පැල තුල පුරවාලා
තුන් සිව්රෙන් ගත සරහාලා 
මගෙ පුතු ආවා
මගෙ බුදු පුතු ආවා 

දම් ඔසු අරගෙන 
සෙත් කවි මතුරන් 
හිස මත අත තබමින් 
පුහුදුන් මගෙ සිත සනහාලන්නට 
අමා සිහිලසක් සේ 
මගෙ පුතු ආවා
මගෙ බුදු පුතු ආවා 

අහසින් වැටෙනා රන් පිනි බිඳුවක්
පුතුගෙ නෙතින් වැටි සෙනේහයේ උණු කඳුලක් 
මගෙ ළය මඩලට වැටුනා
මගෙ හද මඩලට දැනුනා

බිදෙන් බිඳව වැටි 
හදෙන් නැගුන ඒ 
ආදරයේ වැහි පොද
මහ වැස්සක් සේ දෝරේ ගියා

නොහඩන් පුතුනේ 
නොහඩන් පුතුනේ 
නොතලන් මා සිත මරණය අබියස 

සසර සයුර මැද
අසරණ මහදට 
සරණක් පාලා
සිහිලැති බුදු වදනින් අමා සුව ගෙනත් 
මා සනසාපන් බුදු පුතුනේ 
සුදොවුන් රජුටත් දැනුනේද මේ සුව 
කියන් ම්ගේ පුතුනේ  

chathura nirmana