Wednesday, February 9, 2011

2012 ලෝක විනාශය සහ අන්යාගමිකරණය

මේ දිනවල ඇති වී තිබෙන කාලගුණික විපර්යාස හමුවේ බොහෝ දෙනෙක් ලෝක විනාශය පිලිබඳ නොයෙක් මත නොයෙක් කරුණු මතු කරමින් පවතී.
විශේෂයෙන්ම නැගෙනහිර හා උතුරුමැද පළාත් වලට බලපා ඇති ගංවතුර හමුවේ මේ පිලිබඳ වෙනදාට වැඩි උනන්න්දුවකින් හා විමසුම් ඇසකින් බැලීමට ජනතාව පෙළඹී ඇත . නමුත් මේ තත්වයන් යටතේ බොරදියේ මාලුන් බාන පිරිසක් බිහිව සිටීම කණගාටුදායකය . මේ තත්වයන් හමුවේ රජයත් මහ ජනතාවත් ඇටිකෙහෙල් කෑ උගුඩුවන් මෙන් හැසිරීම වඩාත් කණගාටුදායකය .
      මා මේ කියන්නට සාදන්නේ මේ සති කීපය තුල කොළඹ ආශ්‍රිත ජනතාව අත්දුටු සිද්දියක් පිලිබඳවය . විශේෂයෙන්ම මරදාන දුම්රිය ස්ථානය
 ඉදිරිපිටත්
නොබෝද නාරාහේන්පිට කිරුලපාරේ ද මේ සිද්දිය ජනතාවට ඇත දැකීමට සිදුවිය . ළඟ එන 2012 ලෝක විනාශයෙන් අත්මිදීමට නම් යන හිසින් පල කෙරුණ පත්‍රිකාවක් විදේශිකයන් දෙදෙනකු මෙම ඉස්තාන දෙකෙහි බෙදා හැර තිබුණි . ඉන් පත්‍රිකාවක් මා හටත් ලැබුණු බැවින් එහි සත්‍ය අසත්‍යතාවය පිලිබඳ සාක්ෂි ඉදිරිපත් කිරීමටද හැක . මෙම පත්‍රිකාව මගින් ලෝක විනාශයෙන් බේරීමට නම් ක්‍රිස්තියානිය වැළඳ ගන්නා ලෙසත් අවිට දෙවියන් වහන්සේගේ  ආරක්ෂාව හිමි වන බවත් සඳහන්ව තිබුණි . සිංහල ද්‍රවිඩ ඉංග්‍රීසි යන බාෂා තුනෙන්ම රචිත මෙම පත්‍රිකා පිලිබඳ සමාජයේ අවදානය යොමු විය යුතුය . 2600 සම්බුද්දත්ව ජයන්තියට සැරසෙන මේ වකවානුවේම මෙවැනි ක්‍රියාකාරකම් හිස එසවීම නැවතී ගිය මුලදර්මවාදයේ නවමු වියාපෘතිය බවට සැක මතුවේ .
    විශේෂයෙන්ම සෝම හිමියන්ගේ අපවත් වීමෙන් පසුව අඩපනවූ මුලදර්මක්රියා නැවත ආරම්බයේ පළමු වෙඩිමුරය මෙය බවට සැක කල හැක .
මේ පිලිබඳ කලබල වන්නේ මන්ද? බොහෝදෙනෙක්  මගෙන් විමසති .නියපොත්තෙන් කපන්න තිබ්බ දේ පොරොවෙන් කැපීමට අප ඉඩ නොදිය යුතුය . මුලදර්ම වේශයෙන් අප වෙත එන්නේ යටත් විජිත වාදයේම අලුත් ස්වරුපයක් බව අප වටහගතයුතුය . ඉන් අහිමි වන්නේ අපේම ආගමික දේශපාලනික ආර්ථික නිදහස බව රජය අවබෝද කරගත යුතුය .පොඩි පොඩි සිද්දීත් ලොකු කර කතා කරන අපේ අයට මේ සිද්දිය කුඩා වුනේ කෙසේ ද කියා ප්‍රශ්නයක් අපෙන්ම විමසියුතුය .

2 comments: